කිතුනුවා

යේසුස් වහන්සේට බැටළු එඩේරා කියන්නේ ඇයි?

Instagram
TWITTER
Visit Us
Follow Me
Follow by Email
YouTube
YouTube
RSS

 

         අපි සැවොම එදිනෙදා ජිවිතයේ කරදර වන කාරණයන් බොහෝමයක් ඇත. එයින් ප්‍රධාන දෙයක් වනුයේ අපගේ අවශ්‍යතාවයන් වේ. අපි දේව වචනයෙන් සොයා බලමු අපගේ අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේ දකින්නේ කෙසෙද කියා සහ යේසුස් වහන්සේ අපගේ බැටළු එඩේරා ලෙස සදහන් කරනේ ඇයි කියා.  

ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක. එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.                                                                              ගීතාවලිය 23:1-4 (SROV)

පසුබිම

      බැටළුවන් බලා ගැනිමෙ කාර්‍ය කරන ලද පුද්ගලයා හදුන්වන්නේ බැටළු එඩේරා ලෙසය. ඉස්රායෙල් දේශයේ වැඩි වශයෙන් කාන්තාර ප්‍රදේශ බැවින් තෘණ භූමි සොයා ගැනීම ඉතා අපහසු කාර්යයක් විය. බැටළුවන් එළුවන් මෙන් නොවන අතර, උන් ආහාර සහ වතුර ලබා ගැනීමට තම එඩේරා මතම යැපෙන සතුන් වේ. බැටළු එඩේරා සෑම විටම තම බැටළුවන්ව ඉදිරියෙන් ගොස් තෘණ භුමි සොයා දෙන අතර දිය බීමට සුදුසු ස්ථාන ද සොයා දෙයි. සැරයටිය හෝ දණ්ඩ එඩේරා විසින් පාවිච්චි කරන ලද්දේ අමාරු ස්ථානවල ගමන්ව කිරීමට, බැටළුවන්ව පාලනය කිරීමට සහ නපුරු සතුන්ගෙන් බැටළුවන්ව ආරක්ෂා කර ගැනීමටය.

නිල් ගොදුරු බිම් කරා…

         දෙවියන් වහන්සේ අපගේ එඩේරා බවත් අපි උන්වහන්සේගේ බැටළුවන් බවත් ඉහත දේව වචනයෙන් රූපනය කරයි. මෙහි “නිල් ගොදුරු බිම” ලෙස අදහස් කරන්නේ පෝෂනය සහ අධික සැපයයීමයි.  බැටළුවන්ට තම එඩේරා ආහාර සහ වතුර සපයන සේම, දෙවියන්වන්සේද අපට කිසිම අඩුවක් නොවන පිණිස අපගේ සෑම අවශ්‍යතාවයක්ම සපයන සේක. එපමනක් නොව, උන්වහන්සේ අපව නිශ්චලවූ දිය අසලින්ගෙන යන සේක. හෙබ්‍රෙව් භාෂාවෙන් “නිශ්චල”, (מְנוּחָה (menû·ḥā(h)) යන්නෙන් අදහස් කරන්නෙ, ස්වාමින් වහන්සේ ගිම නිවන්න සහ සුරක්ෂිතභාවය දෙන බවය. කාන්තාරයේ තම බැටළුවන්වව සාරවත් තෘණ භුමිය කරා යන සේම, මෙම අමාරු කාලයේදිත්, අප අවට කාන්තාරයක් ලෙස පෙනුනත් එසේ නැතහොත්, සැපයීමක් කියන දෙයක් පෙනෙන තෙක් මානයක නොතිබුනත්, ස්වාමින්ව වහන්සේ අපට සපයන්න පමනක් නොව අප ගමන් ගන්නා වු ජිවිත ගමනේ ගිම නිවන්න සහ ජිවිතයට සුරක්ෂිතබවක් දෙන බවය. 

ධර්මිෂ්ඨකමේ මාවත්වල…

       උන්වහන්සේ අපට සැපයීමට පමණක් නොව අපගේ ආත්මය නැවුම් කරමින් අපව ගෙන යනු ලබයි. උන්වහන්සේ අප ඉදිරියෙන් ගමන් කොට අපට අවශ්‍ය මග පෙන්වීමද ලබා දෙයි. බොහෝ අවස්ථා වලදී අපි අපගේ අනාගතය ගැන සහ එදිනෙදා ජිවිතයේ අප විසින් ගන්නා ලබන තීරන ගැන අපට ස්ථිරත්වයක් නොමැත. හිතෝපදේශ පොතේ මෙසෙ සදහන් වේ; “ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය වේ; ඒකේ මාර්ගයෙහිද මරණය නැත.”  (හිතෝපදේශ 12:28). දෙවියන් වහන්සේ අපව ගෙන යන මාර්ගයේ ජීවනයේ මාර්ගය වේ. අප දෙවියන් වහසේට කිකරු වී ගමන් ගන්නා විට එහි අවසානය සෑම විටම ජීවනය වේ. 

දණ්ඩ හා සැරයටියේ සැනසිල්ල…

      දණ්ඩ සහ සැරයටිය දෙවියන් වහන්සේගේ දිව්‍ය ආරක්ෂාව සහ විනයට පත් කිරීම යන අදහස දෙනු ලබයි. මරණේ සෙවනේ මිටියාවතෙ ගියාත් බය නොවන හේතුව නම්, බැටළුවන් ඉදිරියෙන් එඩේරා යන නිසාය. ඔහු බැටළුවන්ට ඉදිරියෙන් ගොස් බැටළුවන්ට යාමට හැකි වන පිණිස ගල් මුල් ඉවත් කොට පාර සාදා දෙයි. සැරයටිය එම මාරගයේ යෑමට මහත් රුකුලක් ගෙන දෙයි. නපුරු සත්වයන් ගෙන් බැටළුවන් ආරක්ෂා කරන පිණිස මුගුර පවිච්චි කරයි. අප මරණිය වාතාවරණයක මෙම කාලයේදී යාමට සිදු වුවත් ස්වාමින්ව වහන්සේ අපගේ ආරක්ෂා කරන සේක. එම නිසා දණ්ඩ සහ සැරයටිය බැටළුවන්ට මහත් සැනසිල්ලක් ගෙන දෙයි.   

සාරංශය

         යේසුස් වහන්සේ මෙසේ කීසේක, “මම යහපත් බැටළු එඩේරාය; පියාණන්වහන්සේ මා අඳුනන්නාක් මෙන්ද, මා පියාණන්වහන්සේ අඳුනන්වනාක්මෙන්ද, මම මාගේ බැටළුවන්ව අඳුනමි. මාගේ බැටළුවෝද මා අඳුනති; බැටළුවන්ව උදේසා මාගේ ප්‍රාණය දෙමි.” (යොහාන් 10:14-15)

         යේසුස් වහන්සේ අපගේ බැටළු එඩේරාණෝය, උන්වහන්සේ අපව නමින් හදුනති. ස්වාමින් වහන්සේ අපට බැටළුවන් බලාගන්නාවු එඩේරෙකු වාගෙ අපට සපයමින්, රැක බලාගනිමින්, අපගෙ වෙහෙස නිවමින්, පෝෂනය කරමින්, සුරක්ෂිත කරමින්, ජීවනයට මග පෙන්වමින් හා සතුරු උවදුරෙන් අපිව ආරක්ශා කරමින් අපව රැගෙන යන තැණන්වහන්සේය. එම නිසා මෙම අමාරු සහ පීඩා කාළය තුලදී යේසුස් වහන්සේ අපදේ බැටළු එඩේරා බව සිහි කරමින් උන්වහන්සේගේ මග පෙන්වීමට සහ රැකවරණයට යටත් වෙමු.

 

 

 



Copyright © 2020 Kithunuwa. All rights reserved.