jesus-in-a-white-robe

ජේසුස් වහන්සේ මෙසියස් ලෙස යුදෙව්වන් පිළිනොගත්තේ ඇයි?

Instagram
TWITTER
Visit Us
Follow Me
Follow by Email
YouTube
YouTube
RSS

 

 

 

වර්ථමානයේ බොහෝ යුදෙව්වන් ජේසුස් වහන්සේ යනු පොරොන්දු වු මෙසියස් වහන්සේ ලෙස පිළිගන්න නුමුත්, ජේසුස් වහන්සේ මනුශ්‍යකු ලෙස මේ පොළොවේ සිටි කල, යුදෙව් මනුශ්‍යන් උන්වහන්සේ මෙසියස් වහන්සේ යැයි විශ්වාස කලේ නැත. ක්‍රි.පු 740 – ක්‍රි.පු 701 කාළයෙදී පමණ දිවැසිවර යෙසායා විසින් සදහන් කළ දිවැසි වැකි වලින් මතු පැමිනෙන්නට සිටින මෙසියස් වහන්සේ ජේසුස් වහන්සේ බව ස්ථිර කිරීමට සාධක තිබුනද, එකල යුදෙව් මනුශ්‍යයන් ජේසුස් වහන්සේ මෙසියස් වහන්සේ ලෙස පිළිනොගත්තේ මන්ද?

රාජකීය පවුලකින් පැවත නොඑන පුද්ගලයකු වීම

මෙසියස් වහන්සේ රාජකීය පවුලකින් පැමිනෙයැයි එකළ යුදෙව්වන විසින් ඉතා තදින්ම විශ්වාස කල දෙයකි. ඔවුන් බලපොරොත්තු වුයේ දාවිත් රජුගේ නුවර වන ජෙරුසලමෙන් පැමිනෙන මෙසියස් වහන්සේ, “යුදෙව්වා” යන්නෙහි ප්‍රතිමුර්තියක් වන බවය. එහෙත් සිදුවුයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ජේසුස් වහන්සේ පැමිනියේ ගලීලයේ අප්‍රසිද්ද ගමක, වඩු කාර්මික ගැමි පවුලකිනි. උන්වහන්සේ ආහාර වැළදුවේ සමාජයේ පවුකාරයන් ලෙස සැළකුවාවු බදු අයකරන්නන් සමගය. යුදෙව්වෙකු ලෙස සබත පවත්වනවා වෙනුවට සබත කඩ කොට රෝගීන් සුව කරන ලදී.

යුද සෙන්පතියෙකු නොවීම

බොහෝ යුදෙව්වන බලාපොරොත්තු වී සිටිය මෙසියස් නම් යුද්දයේ දක්ෂ වු යුද සෙන්පතියෙකි. දාවිත් රජතුමා ඊශ්‍රායෙල් දේශය එක්සේසත් කලාසේම මෙසියස් වහන්සේද පැමිණ එකල ඊශ්‍රායෙල් දේශය යටත් කර පාළනය කරන රෝමවරුන් පළවා හැර, ඊශ්‍රායෙල් දේශය එක්සේසත් කර, නැවත් බළවන්ත රටක් කරන්නට යන බළවත් දේශපාලන නායකයකු වන බවය (ලුක් 24:21). එහෙත් සිදුවුයේ ඊට හාත්පසින්ම වෙන්ස දෙයකි. ජේසුස් වහන්සේගේ දේශනාව වුයේ සතුරන් පළවා හරින්න හෝ ඔවුන්ට වෛර කරන්නට නොව ඔවුන්ට ප්‍රේම කරන්න කියාත්, තමන්ට පීඩා කරන අය වෙනුවෙන් යාඥා කරන්නට කියාය. (මතෙව් 5:44)

දිවැසිවර එළියා නොපැමිනීම

දිවැසිවර එළියාම පැමිණ මෙසියස් වහන්සේගේ ආගමනය නිවේදනය කර, එම පුද්ගලයා මෙසියස් යැයි ඔවුන්ට අදුන්වා දෙන බව බොහො යුදෙව්වන් පිළිගන්නා ලදී. එහෙත් පළවන ශතවර්ශයේ එළියාට සමාන පුද්ගලයෙක් එම යුදෙව්වන් විසින් නොදක්නා ලදී. ජේසුස් වහන්සේ සහ පසුව පැමිනියා වු සභාව,යොහාන් බෞතිස්මගේ පෙර ගමන්කරු සේවය අදුන ගත් නුමුත් බොහෝ යුදෙව්වන් එය එසේ දැක්කේ නැත.

දුක් විදින සේවකයකු වීම

යෙසායා දිවැසිවරයා විසින් පවසන ලද දිවැසිවැකි වලට අනුව මෙසියස් වහන්සේ දුක් විදින සේවකයකු බව සදහන් කරයි. යුදෙව්වන්ට මෙහි අර්ථය තේරුම් ගැනිමට නොහැකි වුනි. එතුමාගේ මරණය කරණ කොටගෙන ඊශ්‍රායලය නිදහස් වන බව, කුරුස ගසේ එල්ලා මැරීම සහ මළවුන්ගෙන් නැවත නැගිටීම ඔවුනට ප්‍රෙහෙලිකාවක් විය. මන්දයත්, ද්විතිය කථාව 21:23 ට අනුව එල්ලන (කුරුස ගස) තැනැත්තා දෙවියන් වහන්සේගෙන් ශාප ලද්දෙක් බව සදහන් කරන නිසාය.

මනුශ්‍යකු පමණක් වීම

ජේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් ප්‍රකාශ කල දෙයක් නම්, ජේසුස් වහන්සේ යනු දේවත්වයෙන් යුතු පුද්ගලයෙකු බවය (යොහාන් 14:9-11). එනම් දෙවියන් වහන්සේම මංශවත් වී, මනු කයක් ගෙන මෙසියස් වහන්සේ ලෙස මේ පොළොවට පැමිණිමයි. එහෙත් බොහෝ යුදෙව්වන් විශ්වාස කල දේ නම්, පැමිනෙන්ට සිටින මෙසියස් වහන්සේ දේවත්වයක් නොමැති සාමාන්‍යය මනුශ්‍යකු බවය.

සාරංශය

දෙවියන් වහන්සේගේ සැලැස්ම වුයේ යුදෙව්වන්ට පමණක් නොව මුළු ලෝකයේම මනුශ්‍යන් හට යේසුස් වහන්සේ කරණකොටගෙන අකුසලෙන් නිදහස ලබා දී, සදාකාළ ජීවනය ඔවුන්ට අත්පත් කර දීමයි. එම නිසා දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේ සදහන් කර ලෙසම යටහත්, දුක්විදින සේවකයාවු සහ ස්ව කැමැත්තෙන්ම මරණයට පූජා වු මෙසියස් වහන්සේ දෙන ලද්දේය. මෙම සැලැස්මේ ප්‍රධාන පුද්ගලයා වුයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. කෙසේ නමුත් මෙම සත්‍යතාවය යුදෙව්වන්ට පැකිලීමක් ලෙස අන්‍ය ජාතීන්ට මෝඩකමක් ලෙස සදහන් කරයි (1 කොරින්ති 1:23). එහෙත් ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය කරණකොටගෙන උන්වහන්සේගෙ මෙලොව මෙහෙයුම සාර්ථක වු අතර එය අදහන්නාට මහත් බලාපොරොත්තුවක් ගෙන දෙන අනර්ඝ පනිවිඩයක්‍ වේ (රෝම 1:16).

 

ග්‍රන්ථ නාමාවලිය

 

  1. Doug Powell,  Holman QuickSource Guide to Christian Apologetics , (Nashville, TN: Holman Reference, 2006).
  2. Ronald F. Youngblood, F. F. Bruce, and R. K. Harrison, Thomas Nelson Publishers, Eds.,  Nelson’s new illustrated Bible dictionary, 1995.
  3. David R. Nichols, Systematic Theology: Revised Edition, 2007.
  4. John E Schwarz, The Compact Guide to Christian Faith, 1999.

 

 

 


Copyright © 2020 Kithunuwa. All rights reserved.