what-does-the-resurrection-of-christ-mean-to-you

යේසුස් වහන්සේගේ උත්ථානය ඔබට බලපාන්නේ කෙසෙද?

Instagram
TWITTER
Visit Us
Follow Me
Follow by Email
YouTube
YouTube
RSS

 

මෙම ඉරුදින අප සමරන්නේ, යේසුස් වහන්සේ කුරුසියක මැරී තුන් දවසකින් මළවුන් ගෙන් නැගිටිමයි. උන්වහන්සේ මැරුණු නුමුත්, එම මරණය පරාජය කර මළවුන්ගෙන් නැගිටුන ලදී. 

යේසුස් වහන්සේගේ මිත්‍රයකු වන ලාසරස් මළ බව උන්වහන්සේට ආරංචි විය. යේසු තුමා ලාසරස් මරණින් නැගිටවීමට පෙර, පහත සදහන් වන්නේ ලාසරස්ගේ සහෝදරිය වන මාර්තා සහ යේසුස් වහන්සේ අතර ඇති වන දෙබසකි. උන්වහන්සේ මරණින් නැගිටීමෙ වටිනාකම, අපි ලාසරස් මරණින් නැගිටිමේ කථාවෙන් සොයා බලමු.

බයිබල් කොටස

යේසුස්වහන්සේ: නැවතනැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය. ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය. මේක විශ්වාසකරනවාදැයි ඈට කීසේක. ඈ: එසේය, ස්වාමිනි ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ලෝකයට එන තැනන්වහන්සේවූ ක්‍රිස්තුස් බව විශ්වාසකරගන සිටිමියි උන්වහන්සේට කීවාය. (යොහාන් 11:25-27) (SROV)

යේසුස් වහන්න්සේ නැවත නැගිටීම සහ ජීවනය වේ

අප කිසි කෙනෙකුට මරණය කියන දෙයින් පළා යෑමට නොහැක. දේපල, මිළ මුදල් වලට සහ තානාන්තර වලට බැහැ මරණය කියාන්නාවු දෙය අභිබවා යන්නට. යේසුස් වහන්සේ මෙසෙ ප්‍රකාශ කරන ලදී, “නැවතනැගිටීමද ජීවනයද මමය”.

“මමය” යන්නෙහි තේරුම නම්, යේසුස් වහන්සේ යනු, නැවත නැගිටීම සහ ජීවනය ලෙසය. එනම්, යේසුස් වහන්සේ කියන පුද්ගලයා සිටින්නෙ කොතැනද, එතැන ජීවනය සහ නැවත නැගිටීම තිබේ.

මළ නුමුත් ජීවත් වෙයි

අපි සැවෝම දවසක මරනයට මුහුන දිය යුතු බව සත්‍යකි, එහෙත් සුභාරංචිය නම්, අපට බලාපොරොත්තුවක් තිබේ. කුමක්ද මේ බලාපොරොත්තුව? අපගෙ ජීවිතය මරනින් අවසාන නොවන බවය. යේසුස් වහන්සේ අදහා ගන්නවු අයට මරණින් පසු ජීවිතයක් උරුම කර දී තිබේ, මන්ද උන්වහ්න්සේ නැවත මරණින් නැගිටුනු නිසාය. උන්වහන්සේ මරණින් නැවත නැගිට්ටා සේම, අපද මතු දවසක මරණින් නැගිටිවනු ලබයි. (යෙසායා 26:19)

ජීවත් වන අය නොනසින්නේය

යේසුස් වහන්සේ, උන්වහන්සේ තුළ මළාවු අයට මතු බලපොරොත්තුවක් දුන්නා පමනක් නොව ජීවත්ව සිටින අයටද බලපොරොත්තුවක් දෙන ලදී. උන්වහන්සේ කී දේ නම්, ජීවත් වන අය යේසුස් වහන්සේගේ ජීවනය ලබන බවය. (1 යොහාන් 5:11) වෙනත් ආකාරයකට කිවහොත්, උන්වහන්සේ සිටින තැන කිසිම මරණිය දෙයක් නොමැත. උන්වහන්සේ ඔබේ ජීවිතයේ සහ ඔබගෙ පවුල සමග සිටින නිසා, එතැන මරණය නොව ජීවනය තිබේ.

සාරංශය

යේසුස් වහන්න්සේ යනු මළවුන් ගෙන් නැගිටුනා වු ස්වාමින් වහන්සේය, උන්වහන්සේ තුල ජීවනයද නැවත උත්ථානය තිබේ. එම නිසා උන්වහන්සේ අදහන්නන්ට උන්වහන්සේගේ ජීවනය සහ මරණින් මතු බලපොරොත්තුවද දෙන ලදී. අද දින ස්වාමින් වහන්සේගේ මරණින් උත්ථාන වීම ගැන අපි ස්තුතිවන්ත වෙමු, මන්ද යේසුස් වහන්සේ අපිත් සමග සිටින නිසා උන්වහන්සේගෙ ජීවනය සහ නැවත නැගිටීම අප සමග පවති.

 

 



Copyright © 2020 Kithunuwa. All rights reserved.