person-holding-coins

පූජාවේ දීමනාව

Instagram
TWITTER
Visit Us
Follow Me
Follow by Email
YouTube
YouTube
RSS

ක්‍රිස්තුස් වහන්සේ දේව මළිගාවේ සිටිය ආවස්ථාවේදී සිදු වු සිදුවීමකි. පොහොසතුන් පැමින විශාල මුදල් පඩුරු ලෙස දමද්දී, දිළිඳු වැන්දඹුවක් පැමින කුඩා මිළ දෙකක් වැනි සුළු මුදලක් පඩුරු දැමු විට, ස්වාමින් වහන්සේ ඇයගේ ක්‍රියාව ප්‍රශංසාවට භාජනය කරන ලදී. ක්‍රිස්තුස් වහන්සේ විසින් මෙම වැන්දඹුවගේ දීම ගැන ප්‍රසංශා කලේ ඇයි කියා අපි සොයා බලමු.

උන්වහන්සේ ඇස් ඔසවා, ධනවතුන් තමුන්ගේ පඬුරු ගබඩාවට දමනවා දුටුසේක.එක්තරා දිළිඳු වැන්දඹුවක් කුඩා මිල දෙකක් එහි දමනවාත් උන්වහන්සේ දැක:සැබවක් නුඹලාට කියමි-මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය.මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක. ශු. ලූක් 21:1-4 (SROV)

වැන්දඹුවගේ ඇදහිල්ල නිසා

වැන්දඹුවක් ලෙස ඇයට ඇගේ ස්වාමී පුරුෂයකුගේ සැපයීම ඇයට අහිමිව තිබිණි. ක්‍රිස්තුස් වහන්සේ දැනගෙන සිටිය දෙයක් නම්, මෙම වැන්දඹුව තමන්ට තිබු සියල්ල තම පඩුරු ලෙස දැමු බවත් ඇගේ අර්ථිකය ඉතාමත් අමාරු ස්ථානයක තිබුනු බවත්‍ ය. ඇයගේ ඉදිරි දවස් වලට ඇයට ජීවත් වන්නට තිබුනෙ ඉතා සුළු මුදලක් වුවත්, එම මුදල ගෙන ගොස් මෙම වැන්දඹුව දේව මාලිගාවට පූජා කරන ලදී. මෙයින් අපට පෙන්වා දෙන්නේ කුමක්ද? තමන්ට තිබු අවසාන කාසී දෙකත් ස්වාමින් වහන්සේට දීමට තරම් වැන්දඹුව තම දෙවියන් වහන්සේ කෙරෙහි තැබු ඇදහිල්ලය. ඇය විශ්වාස කල දෙයක් නම් දෙවියන් වහන්සේ ඇයගේ සැපයුම්කරු බවය. මෙම වැන්දඹුව විසින් ඇදහිල්ලෙන් ගත් පියවර වුයේ මින් ඉදිරියට ආහාර ගැනිමට තමා සතුව මුදල් නොමැති වුවත්, දෙවියන් වහන්සේ ඇයට අවශ්‍යය සියල්ල සපයන්න ඉදිරියේදී විශ්වාසව සිටින බවය. මෙම වැන්දඹුව මෙන් අපිත් ස්වාමින් වහන්සේ විශ්වාස කොට දීමේ මනුශ්‍යයන් වෙමු. මන්ද දේව වචනයේ, දෙවියන් වහන්සේ අපගේ සැපයුම්කරු බව සදහන් කරයි. දෙවියන් වහන්සේ විපත්ති හා සාගත කාළ වලදී අපට සපයා තෘප්තිමත් කරන බව සදහන් කරයි. (ගීතාවලිය 37:19)    

වැන්දඹුවගේ පූජාව නිසා

මෙම අවස්ථාවේදී පොහොසතා දෙවියන් වහන්සේට දුන් ආකරයත්, දුප්පතා දෙවියන් වහන්සේට දුන් ආකරයත්, ක්‍රිස්තුස් වහන්සේ විසින් සංසන්දනය කර බලන ලදී. එතුමාණන් එම මනුශ්‍යයන්ගේ හදවතේ තිබෙන සැබෑ ස්වභාවය දකින ලදී. උන්වහන්සේ කී දෙයක් නම්, පොහොසතා තමාගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවාය. වැඩිමනත් යන්නෙන් අදහස් කරනනේ ඔහුට තිබුනු මුළු වත්කමෙන් සුළු ප්‍රමානයක් වෙනත් ආකරයකට කිවහොත් තමාගේ සාක්කුවට නොදැනෙන මුදලක් පඩුරු ලෙස දමන ලදී,  දුප්පතා තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම පඩුරු ලෙස දමන ලදී.

තමා සතු මුදල කිසි වටිනාකමක් නැති මුදලක් වුවත් දිළිඳු වැන්දඹුව පූජා වීමක් ලෙස, නොහොත් කැප වීමක් ගෙන තමා සතු මුදල් ස්වාමින් වහන්සේට දෙන ලදී.  ක්‍රිස්තුස් වහන්සේ කී දේ නම්, පොහොසත් අයට වඩා මෙම දිළිඳු වැන්දඹුව දෙවියන් වහන්සේට දුන් බවය. අපි ස්වාමින් වහන්සේට හෝ අන් අයට දීමේදී, ස්වාමින් වහන්සේ බලන්නේ කොහෙද? 1 සාමුවෙල් 16:7, මනුශ්‍යන් පිටත පෙනුම බලන් මුත් ක්‍රිස්තුස් වහන්සේ මනුශ්‍යාගේ හදවත දෙස බලන බව සදහන් කරයි. පොහොසතුන් පැමින දේව මාළිගාවට පැමින විශාල මුදල් වලින් පඩුරු දමන ආකරය අන් මනුශ්‍යන් දැක පුදුම වෙන්නට ඇති. එහෙත් දෙවියන් වහන්සේ දැක්කේ ඔවුන්ගේ හදවතේ සැබෑ ආකල්පයයි.

සාරාංශය

 අප ස්වාමින් වහන්සේට දෙන්නේ කෙසෙද? පොහොසතා වාගෙද? නොහොත් දිළිඳු වැන්දඹුව වාගෙද?අප ස්වාමින් වහන්සේට දෙන්නෙ අපගෙ සියලු මුදල් වියදම් කොට ඉන්පසු ඉතුරු වන මුදලද? මනුශයන්ට පෙනෙන ලෙසද අප ස්වාමින් වහන්සේට දෙනු ලබන්නෙ? නැතහොත් ස්වාමින් වහන්සේට ගෞරවයක් ලෙස සහ ස්තුතිවන්ත වීමක් ලෙස, අපට ලැබෙන ප්‍රමානය කොපමන විශාල හෝ කුඩා වුවත්, ත්‍යාගශීලිව හා පුජාවක් ලෙස ස්වාමින් වහන්සේට දෙනවාද? ස්වාමින් වහන්සේට පූජාවක් ලෙස දීම වැය වීමක් සහ කැපවීමක් වේ. ඔබගේ පූජාව මනුශ්‍යන් ඉදිරියේ ඉතා සුළු දෙයක් විය හැක. එහෙත් දෙවියන් වහන්සෙ ඉදිරියේ එය පිළිනොගන්නා වු කුඩා පූජාවක් නොව, උන්වහන්සේව ප්‍රිතිමත් කරන පූජාවක් වේ. එම නිසා මේම කාලයෙදී අපට ලොකු කැපව්විමක් ගන්නට සිදුවුනත් දෙවියන් වහන්සේට දීමට පමනක් නොව අප අවට සිටින මනුශ්‍යන්ටත් දීමේ (හිතොපදේශ 19:17) ත්‍යාගශීලි දෙවියන් වහන්සේගේ දරුවෝ වෙමු.  

 


Tagged:


Copyright © 2020 Kithunuwa. All rights reserved.