three-crosses

යේසුස් වහන්සේ කුරුසියේදී පැවසූ අවසන් වදන් හත

 

 

          යේසු සමිදානෝ කුරුස ගහේ එල්ලි අප වෙනුවෙන් දුක් විද මිය යන්නට පෙර උන්වහන්සේ විසින් වදන් හතක් කියන ලදී. අපි බලමු උන්වහන්සේගේ වදන් හතේ තේරුම කුමක්ද කියා සහ මෙයින් අපේ ජීවිතයට අදාල කර ගත හැකිදේ කුමක්ද කියා.

පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව (ලුක් 23:34)

          උන්වහන්සේ කුරුසියේදී දුක් වින්දේ තමන් කල වැරැද්දක් නිසා නොව, මුලු ලෝකයේ මනුශ්‍යන් පාපය උදේසාය. කුරුසියෙදි උන්වහන්සේගේ පළමු ඉල්ලීම වුයේ තමන්ව කුරුස පත් කල අයවලුන්ට සමාව දීමය. යේසුස් වහන්සේ අපට උගන්වන දේ නම්, අපිට වැරදි කරන අයට සමාව දෙන ලෙසය. 

අදම ඔබ මා සමඟ පරාදීසයෙහි සිටින්නෙහියයි කීසේක. (ලුක් 23:43)

            යේසුස් වහන්සේ කුරුසියේ දුක් විදිමින් සමාව දුන්නා පමනක් නොව, උන්වහන්සේ සමග ඇණ ගසන ලද  සොරාට තම කල වැරදි ගැන පසු තැවුනු විට ඔහුට සමාව දෙන ලදී. (ලුක් 23:39-42) අපගේ පාපයට සමාව දීමට යේසුස් වහන්සේට හැකිය. සමාව දීමට පමනක් නොව මරණෙන් පසු බලාපොරොතුවක් සහ තව දුරටත් දුක නැති පාරාදීසිය නම් ස්ථානයට සොරාව ගෙන යන ලදී.

ස්ත්‍රිය, මෙන්න, ඔබේ පුත්‍රයා! (යොහාන් 19:26)

          යුදෙව් සංස්කෘතියට අනුව, මහලු දෙමාපියන් බලා ගැනීමේ වගකීම ගනු ලැබුවේ පළමු දරුවාටය. උන්වහන්සේට මේ පොලොවේ මනුශ්‍යන් වෙනුවෙන් කරන්නට විශාල කර්තව්‍යක් තිබුනත්, ඔහුගෙ පවුල බලා ගැනීම මග හැරියේ නැත.  යේසුස් වහන්සේ අවසාන මොහොත දක්වා තමාගෙ මව බලා ගත්තා පමනක් නොව එතුමා මැරෙන්නට සිටින අවස්ථාවේ එම වගකීම ඔහුගේ ගෝලයා සහ ලගින්ම සිටි මිත්‍රයා වන යොහාන් හට තම මව බාර දෙන ලදී.

මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද (මතෙව් 27:46)

          දෙවියන් වහන්සේ ශුද්ධ දෙවියන් වහන්සේය. යේසුස් වහන්සේ තුල කිසිම පාපිශ්ඨ කැලලක් නොතිබුනි. (1 පෙතෘස් 3:18) එහෙත්, කුරුසියේදී උන්වහන්සේ මනුශ්‍යාගේ සියලුම පාප තම කර පිටට ගත් මොහොතේම, පියණන්වහන්සේ තම පුත්‍රයා වන යෙස්සුස් වහන්සේ සමග තිබුන ආත්මික සම්න්ධතාවය බිද වැටිනි. මන්ද දෙවියන් වහන්සේ ඉදිරියේ පාපය පවතින්නට නොහැකි නිසා.(යොහාන් 3:16)

මට පිපාසයයි (යොහාන් 19:28)

          යේසුස් වහනසේ යනු දෙවියන් වහන්සේ වුවත්, මෙම අවස්ථාවේ මනුශ්‍යකු ලෙස දුක් විදින ලදී.  උන්වහන්සේ මනුශ්‍යකු ලෙස මේ පොලවට පැමිනියේ අපගෙ පාපයට සමාව දීමට පමනක් නොව මනුශ්‍යාගේ දුක තෙරුම් ගැනීමටය. (හෙබ්‍රෙව් 4:15) උන්වහන්සේ කුරුසයේදී අප වෙනුවෙන් මහත් දුකක් ශාරිරිකව වින්ද බව මෙයින් තේරුම් ගත හැක.

තීන්දුවුණේය (යොහාන් 19:30)

          යේසුස් වහන්සේ වේදනාවෙන් සිටියත්, මෙය ජයග්‍රාහිකව කරන ලද ප්‍රකාශයකි. එනම් “සියල්ල අවසන්”. උන්වහන්සේ මෙසේ කීවේ ඇයි? යේසුස් වහන්සේ, පියාණන් විසින් දුන් කාර්‍ය අවසන් කර, සාතන් ගේ බලය විනාශ කොට, උන්වහන්සේ ගැන ලියා තැබු සෑම අනාගතවක්‍යාන් සම්පුර්ණ කර තමාගෙ දුක් විදීම අවසන් කර නිසාය.

පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාරදෙමියි (ලුක් 23:46)

          යේසුස් වහන්සේ මිය යන්නට ප්‍රථම මෙසේ කියන ලදී. මන්ද උන්වහන්සේ තමන් ගේ කාර්‍ය අවසන් කර, තම ආත්මය නිදහස් කල යුතු වේලාව පැමින ඇති බැවිනි. යේසුස් වහන්සේ කී දේ නම්, තම කැමැත්තෙන්ම උන්වහන්සේ ප්‍රේම කරන අය වෙනුවෙන් පූජා කරන බවය. (යොහන් 10:17-18). එහෙයින්, යේසුස් වහන්සේ මිය ගියේ, මරණය උනවහන්සේ තෝරා ගත් නිසා නොව, උන්වහන්සේ මරණය තොරා ගත් නිසාය. මන්ද මනුශ්‍යාට පාපයෙන් නිදහස ලැබෙන්නේ යේසුස් වහන්සේගෙ පූජාවෙන්ම පමනක්ම බැවිනි.

සාරංශය   

          යේසුස් සමිදානෝ තම කැමත්තෙන්ම කුරුසියේ දිවි පිදුවේ ඔබෙත් මගෙත් පාපය උදෙසාය. උන්වහන්සේ කුරුසියෙදිත් තමාට විරුද්දව වැරදි කර අයට සමාව දුන්නේය, මනුශ්‍යාට බලපොරොත්තුවක් ගෙන දුන්නෙය. මනුශ්‍යයෙකු ලෙස දුක් වින්දේය. ඒ සියල්ල කලේ තම පියාණන්වහන්සේගෙ කැමත්ත ඉශ්ඨ කොට මනුශ්‍යන්ට අකුසලෙන් නිදහස ලබා දී ජීවනයට ගෙන ඒමටය.