Praying-with-the-bible

වසංගත සහ පීඩා කාළයේදී අප යක්ඥා කළ යුත්තේ කෙසේද?

Instagram
TWITTER
Visit Us
Follow Me
Follow by Email
YouTube
YouTube
RSS

 

         සලමොන් රජතුමා රජ වු අවස්ථාවේ ඔහු ස්වාමින් වහන්සේට යක්‍ඥා කර ඉල්ලු දෙයක් නම් දේශය පාලනය කිරිමට අවශ්‍ය ප්‍රඥාව ලබ දෙන ලෙසයි. මන්ද රටක් පාලනය කිරීම සදහා දෙවියන් වහන්සේගේ මගපෙන්වීම අත්‍යාවශ්‍යය බව ඔහු දැන සිටි බැවිනි. දෙවියන්වහන්සේගේ සෙනගක් ලෙස මෙම කාලයේදී අපගේ දේශය වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්ද? කිතුනුවකු ලෙස යාක්ඥා කිරීම ඉතා වැදගත් බව අප සැවෝම දන්නා වු කාරණයකි, එම නිසා අපගේ දේශය වෙනුවෙන් යාක්ඥා කිර්‍රිමට අපට වගකීමක් ඇත. මෙම දේව වචනයෙන් ස්වාමින් වහන්සේ පෙන්වන දේ නම් පීඩා සහ වසංගත කාලයේදී අප කෙසේද අපගෙ දේශය වෙනුවෙන් යක්ඥා කල යුත්තෙ කියාය. 

පසුබිම

         සලමොන් රජතුමා විසින් ගොඩ නැගුවාවූ දේව මාළිගාව දෙවියන්වහන්සේ හට කැප කර යක්ඥා කර පසු ස්වාමින් වහන්සේ ඔහුගේ යාඥාවට දුන් පිළිතුරු මෙම පද කිහිපයේ සදහන් වේ. සලමොන් රජතුමා යනු කවුද? සලමොන් රජතුමා යනු දාවිත් රජතුමාගේ සහ බෙත්ශේබාගේ පුත්‍රයාය. දාවිත් රජතුමාගෙන් පසු ඊශ්‍රායෙල් දේශයේ තුන්වන රජතුමා ලෙස ක්‍රිස්තු පුර්ව 960 දී පමණ රාජාභිෂේකය ලැබිය. හිතෝපදේශ පොත ලියන ලද්දේ සලමොන් රජතුමා විසින් වන අතර ඔහුගේ ප්‍රඥාව මුළු ලොව පුර ප්‍රසිද්ධ විය. ඔහු ගැන වැඩි විස්තර සදහා 1 රාජාවලිය 1 වන පරිච්ඡේදය සිට සදහන්ව ඇත. 

මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි. (2 ලේඛම් 7:14) (SROV)

ස්වාමින් වහන්සේ ඉදිරියේ යටත් වීම

          ස්වාමින් වහන්සේ ඉදිරියේ යටත් වීම යන්නෙහි අරුත අප තේරුම් ගත යුත්තේ කෙසේද?  දේව වචනයේ මනුෂ්‍යයා යනු කවුද කියා මෙසේ සදහන් කරයි.

“මක්නිසාද හෙට මක්වේද කියා ඔබ සැම දන්නේ නැත. ඔබ සැමගේ ජීවිතය මොකක්ද? ඔබ සැම ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.” (යාකොබ් 4:14) (SROV)

මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ. (1 පේතෘස් 1:24)

            මෙම කාලයේ අප තේරුම් ගත යුතු දේ නම් මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන මේ පීඩා කාලයෙන් මුදවා ගැනීමට හැකියාව ඇත්තේ සර්වබලධාරී දෙවියන්වහන්සේට පමණක් බවය. එම නිසා අප ස්වාමින්වහන්සේට යටත් වී කීකරු වෙමු, මන්ද අප තණකොළ මෙන් හා මීදුම මෙන් වේ, එහෙත් අපගේ දෙවියන්වහන්සේ සදාකාලික සහ සහ සියළු බලයෙන් යුතු තැනන් වහන්සේ වේ. (ගීතාවලිය 147:5, යෙසායා 40:28)

උන්වහන්සේගේ මුහුණ සෙවීම

           මෙම කාලයේදී අප විසින් ස්වාමින් වහන්සේගේ මුහුණ සෙවීම (නමස්කාර, යක්ඥා කිරීම, දේව වචනය කියවීම) කල යුතු වේ. අපගේ සියලු පුද්ගලික වැඩසටහන් පසෙක ලා ස්වාමින් වහන්සේ සමග සම්බන්ධ වීමට මුළු සිතින් හා ආත්මයෙන් අදිටන් කර ගත යුතු වේ. (ද්වීතීය කථාව 4:29, ජෙරමියා 29:13) 

නපුරු මාර්ග අත්හැරීම

          අප අපගේ පාපයන් (අකුසල) හා අපගේ දේශයේ සිදුවන පාපිෂ්ඨ ක්‍රියා වලට පසුතැවිලි විය යුතුය. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට කී දේ නම්, මා ශුද්ධව සිටින්නාක් මෙන් ඔබද ශුද්ධව සිටින ලෙසය. (1 පේතෘස් 1:16) 

නෙහෙමියා තම දේශය වෙනුවෙන් පසුතැවී යක්ඥා කර ආකාරය ආදර්ශය කොට ගෙන අපද අපගේ දේශය වෙනුවෙන් යක්ඥා කල හැක. (නෙහෙමියා 1:1-10)

ස්වාමින් වහන්සේගේ කැමැත්ත දැන ගැනීම

         උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව. (1 යොහන් 5:14-15)

         දෙවියන්වහන්සේ වහන්සේගේ හදවතේ ආශාව නම්; “නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, ඔබ සැම කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.” (2 පේතෘස් 3:9) (SROV)

සාරාංශය

         අප ස්වාමින් වහන්සේට යටත් වී, උන්වහසේගේ මුහුණ සොයා, නපුරු මාර්ග අත්හැර පසුතැවී අපගේ දේශය ගැන යක්ඥා කරන විට ස්වාමින් වහන්සේ අපගේ හඩ අසා අපගේ දේශය සුව කරන සේක මන්ද එය ස්වාමින් වහන්සේගේ කැමැත්ත වේ.

 

 

 



Copyright © 2020 Kithunuwa. All rights reserved.