Victory

බියෙන් ජයග්‍රාහනයට!

Instagram
TWITTER
Visit Us
Follow Me
Follow by Email
YouTube
YouTube
RSS

 

බයිබල් පදය:

මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය (2 තිමොති 1:7)

හැදින්වීම

පාවුල් තුමා මෙම ලිපිය ලියන ලද්දේ තිමොති නම් තරුණ දේවගැතිවරයාටය. තිමොතිගේ මව යුදේව් ජාතික කාන්තාවක් වන අතර, පියා ග්‍රීක් ජාතිකයෙකි. තිමොතිගේ මව සහ ආච්චි යන දෙදෙනාම කිතුනුවන් වේ. කුඩා කල සිටිම, තිමොති යුදෙව් අධයාපනය ලැබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහා ගන්නා ලදී. පවුලු තුමා තිමොති වෙත යවන ලද යැවුම් පත්‍රයෙ ඉහත පදයෙන්, අපට ස්වාමින් වහන්සේ කියන්නෙ කුමක්දැයි සොයා බලමු.

නිර්භීතකම

පාවුල් තුමා දේව වචනයේ සදහන් කරන දේ නම්, බයාදුකමේ ආත්මය පැමිනෙන්නේ දෙවියන් වහන්සේගෙන් නොවන බවය. බයාදුකම නොහොත් බියසුළු කම ශුදාත්මයණන් වහන්සේ විසින් අප තුළ ඇති කරන දෙයක් නොව. මනුශ්‍යකු ලෙස අපට සිත ඇතුලේ ඇති කරන ස්වභාවයකි. පාවුල් තුමා ඉහත දේව වචන කොටස ඇතුලත් කරන්න හේතුව කුමක්ද? පාවුල් තුමා දැනගෙන සිටියා තිමොති යනු ස්වභාවෙන්ම බියගුලු සහ ලැජ්ජාශිලී තරුණයකු බව, එම නිසා පාවුල් තුමාට අවශ්‍ය වුනා ශුධාත්මයණන් තුල ඔහුට තිබෙන දේ පෙන්වා දෙන්නට. අද දින ශුධාත්මයාණන් වහන්සේ අපට කියන්නේ කුමක්ද? අප අවට අපව බිය කරන කරණා නොයෙකුත් තිබුනත්, අපගේ බිය පහකොට අපව නිර්භීත කරන පණිස, අප ශුධාත්මයණන් වහන්සේට ඉඩ දිය යුතු බවය.

බලය

ශුධාත්මයණන් වහන්සේ විසින් අපට දෙන ලද දෙවන දේ නම් බලය. බලය කරනකොටගෙන බියට මුහුන දීමට පමනක් නොව එය පරාජය කර එයට ඉහලින් ගමන් කල හැක. බිය සහ බලය කවදාවත් එකට ගමන් කල නොහැක. කල නොහැකි දේ කිරිමට ඉහලින් බලය අවශ්‍යයි. බලය තිබෙන මනුශ්‍යයා එක තැන සිටින මනුශ්‍යකු නොවන අතර, ඔහු නිර්භිතව මුහුන දී  ඉදිරියට ගමන් කරන අයෙකි. මොසෙස්, යොෂුවා, දානියෙල්, දාවිත්, පාවුල්, දේවගැති කොල්ටන් වික්‍රමරත්න වැනි අය මෙයට උදාහරණ ලෙස ගත හැක. ඔබටත් ශුධාත්මයනන් තුළ ස්වාමින් වහන්සේගෙ ශක්තියෙන් බල ගැන්වු මනුශ්‍යකු විය හැකිය.  

හික්මවීම

ශුධාත්මයණන් වහන්සේ විසින් අපට දෙන ලද තුන්වන දේ නම් හික්මවීම. අපට අපව පාලනය කර ගැනීමට ශුධාත්මයණන් වහන්සේ හැකියාව දී ඇත. යෞවන වයසේ තෘෂ්ණා වලින් දුරුව සිටින ලෙස පාවුල් තුම විසින් තිමොති හට පවසන ලදී. (2 තිමොති 2:22). බොහෝ අවස්ථාවලදී අපි අපගේ හැගීම් වලට රිසි සේ ක්‍රියා කරයි. එම නිසා හැගිම් වලට අපව පාලනය කරන්නට ඉඩ නොදී ශුධාත්මයන්ට අපව පාලනය කරන්නට ඉඩ දෙමු. එවිට අප තුල තමාව පාලනය කර ගැනීමේ හැකියාව ලැබේ.

ප්‍රේමය

ශුධාත්මයණන් වහන්සේ අපට දෙන ලද හතරවන කාරණය නම් ප්‍රේමය. ශුධාත්මයණන් වහන්සේ අපට නිර්භීතකම, බලය, හික්මවීම අපට ලබා දෙන බව දැන් අප දනිමුව. ඉහත කාරණා 3 සමග ඉදිරියට යාමට අපට ප්‍රේමය අත්‍යාවශ්‍යය. මන්ද අවසානයේ, අපගෙ ගමන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග යන ගමනකි. දෙවියන් වහන්සේ ප්‍රේමයයි, එම නිසා (1 යොහාන් 4:8) අප මේ ඇදහිල්ලේ ගමන යන්නේ නිර්භිතකමෙන්, බලයෙන් හා හික්මවීමෙන් වුවද, එම කාරණා තුනෙහිම අත්තිවරම නම් ප්‍රේමය විය යුතුය. ශුධාත්මයණගේ ප්‍රේමයෙන් තොරව අපට නිර්භිතකමෙන්වත්, බලයෙන් වත් හික්මවීම වත් ඵලක් නැත. (1 කොරින්ති 13). එම නිසා යේසුස් වහන්සේගේ ප්‍රේමය අපගේ ජීවිතයේ අත්තිවාරම කර ගනිමු.

සාරංශය

අප මොහොතක් ගෙන, අපගේ ආත්මිකව කුමන ස්ථානයක සිටිනවාද කියා කල්පනා කලහොත්, ඔබට දිය හැක්කේ කුමන ප්‍රතිචාරයක්ද? ඔබ ඔබගේ අවට සිදුවන දේ දැක බයෙන් සිටිනවද? ඔබට ඉදිරියට යාමට ශක්තියක් නොමැති ලෙස හැගෙනවාද? එසේ නම් ශුධාත්මයණන් වහන්සේ සුදානමින් සිටිනවා, ඔබව නිර්භිතකොට, බලයෙන් හා ශක්තියෙන් පුර්ණ කොට, හික්මවීම ඔබට ඇති කර ප්‍රේමයෙන් පුරවනු ලැබු මනුශ්‍යකු කරනු පිණිස.


Copyright © 2020 Kithunuwa. All rights reserved.