covid-19

කොරෝනා වෛරසයට කිතුනුවාගේ ප්‍රතිචාරය කුමක්ද?

Instagram
TWITTER
Visit Us
Follow Me
Follow by Email
YouTube
YouTube
RSS

 

 

මෙම කාලයේදී අප වැඩිපුර අසනු ලබන්නේ අද ලෝකය පුරා පැතිරී ඇති කොරෝනා වසංගත තත්වයයි. දවසින් දවස මුලු ලෝව පුරා සහ ශ්‍රි ලංකාවේද අසාදිත සහ මරණයන් වැඩි වීමක් දක්නට ලැබේ. මෙම වසංගතයේ භයානක කම සහ බැරෑරැම් කම ගැන සැම විටම රූපවාහිනියෙන් සහ මනුශ්‍යයන් ගෙන් අසන්න ලැබේ. මෙම කාලයේදි අප රජයේ ජාතික වැඩ පිළිවලට සහයෝගය දැක්වීම අපගේ රටේ පුරවැසියන් ලෙස අපගේ වගකීම වන අතර කිතුවන් ලෙස අප කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්විය යුත්තෙ කෙසෙද කියා දේව වචනයෙන් සොයා බැලිමද ඉතා වැදගත් වේ.    

බයිබල් කොටස

ඉඳින් නුඹලා ක්රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක. පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.”  (කොලොස්සි 3:1-3) (SROV)

පසුබිම

කොලොස්සි පොත ලියන ලද්දේ අපොස්තලු පවුල් විසිනි. පවුල් තුමා මෙම කොටස ලියන්න හේතු වුන කාරණය නම් ව්‍යාජ ගුරුවරුන් පැමින  කොලොස්සි කිතුනුවන්ට දේවදුත නමස්කාර (කොලොස්සි 2:18) කිරීමට උනන්දු කිරීම සහ කිතු දහම පිළිබද බොරු ඉගැන්වීම් (කොලොස්සි  2:20-21, 23) ගෙන ඒම නිසාය.

අප ස්වාමින් වහන්සේ සමග උත්තාන කර ඇත. (කොලොස්සි 3:1)

මනුශ්‍යාගේ පාපයේ ප්‍රතිඵලයක් ලෙස වසංගත අද ලෝකයෙ දක්නට ඇත. එහෙත් මීට අවුරුදු 2000 කට පමන ප්‍රථම යේසුස් වහන්සේ ඔබගෙත් මගෙත් පාපය උදේසා කුරුසියක දිවි පිදීය. එසේ දිවි පිදුවේ අපව එම පාපය සහ එහි ප්‍රතිඵලයෙන් නිදහස් කරන පිණිසය. වසංගත යනු පාපයේ  එක් ප්‍රතිඵලයක් ලෙස උදාහරණයට ගත හැක.

යේසුස් වහන්සේ අපගේ අකුසල තම කර පිටට ගෙන දිවි පිදුවා පමණක් නොව පාපයේ අවසාන ප්‍රතිඵලය වන මරණය පවා පරාජය කර නැවත නැගිටුන ලදී.  කිතුවන් ලෙස අපට තිබෙන සුභ අරංචිය නම් යේසුස් වහන්සේ මළවුන් ගෙන් උත්ථානව අද ජීවමානව සිටින බවයි.

ඉහත දේව වචනයට අනුව (කොලොස්සි 3:1-3), කිතුනුවනුත් යේසුස් වහන්සේ සමග උත්ථාන වී ඇත. අප යේසුස් වහන්සේ සමග උත්ථානවී ඇති නිසා, අපට නව ජීවිතයක් උන්වහන්සේ තුළ ඇති බව සදහන් කරයි. එතුමා අප හට අත් කර දුන් මිදීම හෙවත් නිදහස තුල ගමන් කිරිම, නව ජිවිතය ලෙස හැදින්විය හැක.

අප උසස් තැන්හි තිබෙන දේ සෙවිය යුතුය (කොලොස්සි 3:1)

අප උන්වහන්සේ සමග උත්ථාන කර ඇති බැවින් අප ජිවිතයේ කාරණා සහ ලෝකයේ කාරණා දකින ආකාරය වෙනස් විය යුතුය. එසේ නම් අප දකිය යුත්තේ කෙසේද? අපි අපගේ ජිවිතයේ කාරනා සහ ලෝකයේ කාරනා දැකිය යුත්තෙ යේසුස් වහන්සේ දකින ආකාරයටය.

පාවුල් තුමා මෙම කොටස ලියන ලද්දේ, කොලොස්සියේ මනුශ්‍යන් දේව දුතයන් වන්දනා කිරීම නිසා හා ව්‍යාජ ඉගැන්වීම් ගෙන ආ නිසාය. අප දේව දුතයන් වන්දනා කරන්නේ නැත. යේසුස් වහන්සේ අපගේ ස්වාමින් වහන්සේ බව විශ්වාස කර නමස්ස්කාර කරන බව සැබෑය.

එහෙත් මුලු ලෝව පුරා සහ ශ්‍රි ලංකාවේද අසාදිත සහ මරණ සංඛ්‍යාව වැඩි වීමක් දක්නට ලැබෙද්දී, මෙම වසංගතයේ භයානක කම සහ බැරෑරැම් කම ගැන සැම විටම රූපවාහිනියෙන් සහ මනුශ්‍යයන් ගෙන් අසන්න ලැබෙද්දි, අපගේ ප්‍රතිචාරය කුමක්ද? මෙම කාලයදී ඔබගෙ අවධානය වැඩි පුර දී ඇත්තෙ කාටද? මෙම කාළයේදි ඔබ උසස් කරන්නෙ කවුද? මනුශ්‍යන් දහස් ගණනින් රෝගි හා මරනයට පත් කරන කොරොනා වෛරසයද නැතහොත් සෑම රෝගයකින් හා වසංගතයකින් අප මිදිය හැකි යෙසුස් වහන්සේද?

“ස්වාමීන්ගේ දූතයා උන්වහන්සේට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි.” (ගීතාවලිය 34:7) (SROV)

ඔබගෙ ප්‍රතිචාරය මත, මෙම කාලයේදී, ඔබ නමස්කාර කරන්නෙ යේසුස් වහන්සේද, නැතහොත්, කොරොනා වෛරසයද යන්න තීරනය වේ. එහෙයින් අප උසස් තැන් හි තිබෙන දේම සොයමු.

එහි ක්‍රි‍ස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක. (3:1)

දේව වචනයේ මෙසේ සදහන් කරයි,

            “එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්, යේසුස් ක්රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.” (පිලිප්පි 2:9-11) (SROV)

අද ලෝකයේ බලවත් යැයි සිතු රටවල් සහ එහි රජයන් වැටි ඇත. එහෙත් ස්වාමින් වහන්සේ සියලු බලයෙන් හා ආධිපත්‍ය ඇතුව, ස්වර්ගයේ, දෙවියන් වහන්සේගෙ දකුනු පැත්තේ වාඩි වී සිටින සේක.

            අපගේ ජිවිතයේ සහ ලෝකයේ කාරණා, යේසුස් වහන්සේ දකින ආකාරයට, දකින්න පටන් ගත් විට, අපට තෙරුම් යන්නා වු දේ නම්, යේසුස් වහන්සේ මේ සියල්ලට වඩා ඉහලින් හා බලවත්ව සිටින බවය. (මාක් 14:62) (SROV)

            මෙය තෙරුම් ගත් විට,  අප යේසුස් වහන්සේට යාක්ඥා කරන ආකරය වෙනස් වේ, අප උන්වහ්සේට නමස්කාර කරන ආකාරය වෙනස් වේ. යේසුස් වහන්සේට අපිත් සමග කල හැකි දේ පිලිබද අපට දැක්මක් ඇති වේ.

සාරංශය

එසේ නම් අපි කුමක් කරමුද? රජයේ ජාතික වැඩ පිළිවලට සහයෝගය දැක්වීම සහ වෛද්‍ය උපදෙස් පිලිපැදීම ශ්‍රි ලංකීය පුරවැසියන් ලෙස අපගේ වගකීම වේ. ඒ සමගම අප දැන ගත යුතු දේ නම්  ක්‍රිස්තුස් වහන්සේ සමග අප උත්ථානය කර ඇති බැවින්, අප උසස් තැන් වල තිබෙන දේ සෙවිය යුතු බවය. එනම් යේසුස් වහන්සේ අප දෙස දකිනා ලෙසම, අපිත් දැකිය යුතු බවය. උන්වන්සේ අපට මෙසේ සදහන් කරන සේක. 

“නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.” (ගීතාවලිය 91:10) (SROV)

එහෙත් යේසුස්වහන්සේ එකෙණෙහිම ඔවුන්ට කථාකොට: ධෛර්යවත් වෙන්න; මමය; භය නොවෙන්නැයි කීසේක. (මතෙව් 14:27) (SROV)

නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න. (යොහාන් 14:27) (SROV)

මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක. (යොහාන් 16:33) (SROV)

යේසුස් වහන්සේ අපගේ ජීවිත දෙස දකින්නෙ මේ ආකරයටය, එසේ නම් අපිත් උන්වහ්සේ කෙරෙහි විශ්වාස කර අපගෙ ජීවිත දෙසද මෙසේ දකිමු.



Copyright © 2020 Kithunuwa. All rights reserved.