කිතුනුවා

ගලාති පොත තේරුම් ගැනීමට නම් ඔබ දැනගෙන සිටිය යුතුම දේ

 

 

 

සමහර විට ඔබ ගලාති පොත කියෙව්වද එය තේරුම් ගැනීමට නොහැකි වෙන්නට ඇති. එයට හේතුව නම් පවුලු තුමා මේ ගලාති යැවුම් පත්‍රය ගලාතියේ සිටින කිතුනු සභාවන් වලට යැව්වේ ඇයිද කියා නොදැන සිටීම විය හැක.

 

  • ගලාතිය

    • වර්ථමානයේ තුර්කීය එකළ ගලාතිය ලෙස හදුන්වන ලදී. ගලාතිය රෝම අධිරාජ්‍යට අයිති වු ප්‍රදේශයක් වන අතර, ගෝල් සන්ක්‍රමණියන් මෙහි ජීවත් වන ලදී. ග්‍රීක් ජාතිකයන්, යුදෙව්වන් ජීවත් වන ලදී. ගලාතියේ විශේෂත්වය නම්, අන්‍ය ජාතින් (යුදෙව් නොවන) බහුලව ජීවත් වු ප්‍රදේශයක් ලෙස ගලාතිය හැදින්විය හැක.

  • ගලාති පොත ලිව්වේ කවුද?

    • අපොස්තුලුවර පාවුල් තුමා විසින්

  • මොන කාළයේද?

    • ක්‍රි.ව. 48 – 50 වැනි කාළයේදී

 

පාවුල් සහ බාර්ණබස්, ඔවුන් ගෙ පළමු ධර්මදුත ගමනින් පසු සිරියාවේ අන්තියෝකියට පැමිනි අතර, යුදයේ සිට ව්‍යාජ ධර්මයන් උගන්වන ගුරුවරු පිරිසක් ගලාතියට පැමිණ, පාවුලු තුමා විසින් උගන්වන ලද ශුභාරංචිය සම්පුර්ණ සුහාරංචිය නොවන බවත්, ඔහුට සැබෑ අපොස්තුලුවරයෙකු නොවන බවත් ප්‍රචාරය කරන ලදී.

 

මෙම යුදෙව් ව්‍යාජ ධර්මයන් උගන්වන ගුරුවරුන්ගේ ප්‍රධාන ඉගැන්වීම වුයේ, සැබවින්ම ගැළවීම ලැබීමට නම්

  • යුදෙව් ජාතිකයන් මෙන් චර්මච්ඡෙදනය විය යුතුයි

  • යුදෙව් ව්‍යවස්ථාව පිළිපැදිය යුතුයි

  • යුදෙව් ව්‍යවස්ථාවට අනුව පවිත්‍ර ආහාර පමණක් අනුභව කළ යුතුයි (කොෂර්)

  • යුදෙව් දින දර්ශනය අනුගමනය කළ යුතුය

 

පාවුල් තුමා හට, යේසුස් වහන්සේ විසින් එළිදරව් කරන ලද ශුභාරංචිය වුයේ, මනුශ්‍යකුට ගැළවීම ලැබෙනුයේ ඉහත සදහන් ක්‍රියා කිරීමෙන් (මනුශ්‍යාගේ ක්‍රියාවෙන්) නොව, යේසුස් වහන්සේගේ කුරුස පූජාව සහ නැවත මරණයෙන් නැගිටීම කරණ කොටගෙන ලැබුනු බවත්, යේසුස් වහන්සේගේ මෙම ශුභාරංචිය අදහන ඔනෑම අයකුට ගැළවීම ලැබෙන බවත්ය.

 

දැන් ඔබ ගලාති පොත කියවන විට එහි අන්තර්ගතය ඔබය හොදින් තේරුම් ගත හැකි වෙයි!

 

 

ග්‍රන්ථනාමාවලිය

Walter A. Elwell and Barry J. Beitzel, Baker encyclopedia of the Bible, 1988.
John D. Barry, David Bomar, Derek R. Brown, Rachel Klippenstein, Douglas Mangum, Carrie Sinclair Wolcott, Lazarus Wentz, Elliot Ritzema, and Wendy Widder, Eds., The Lexham Bible Dictionary, 2016.
Todd Wilson, Galatians: Gospel-Rooted Living, ed. R. Kent Hughes, Preaching the Word. (Wheaton, IL: Crossway, 2013).
Lawrence O. Richards, The Bible Reader’s Companion, electronic ed. (Wheaton: Victor Books, 1991).